උණුසුම් පුවත්

චීන අගමැතිගේ සුබ පැතුම් දිනේෂ්ට

මකරාගේ වසරේ සුබ පැතුම් මෙසේ පිරි නැමෙයි

චීන අග්‍රාමා‍ත්‍ය ලී කියෑං (Li Qiang) මහතා විසින්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමී ය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙංහොංග් (Qi Shenhong) මහ‍තා අද (2024.01.09) දා කාළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමා‍ත්‍යවරයා හමුවී චීන අග්‍රාමා‍යවරයා ගේ විශේෂ සුබපැතුම් පත්‍රය භාර දුන්නේ ය. අග්‍රාමා‍ත්‍ය ලේකම් අනුර දිසානායක මහ‍තා සහ චීන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද මේ අවස්ථාවට ඒක්ව හුන්හ.

ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කර‍තා මරහරවා ගැනීමටමට  ඇති හැකියාව දැකීමට සතුටු වන බව

පැවසූ ‍චීන තානාපතිවරයා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරණ

ප්‍රයත්නයන්ට චීනයේ අණ්ඩඩ සහයෝගය ලබා දීමට සහතික විය.

ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාව සංවර්ධනනය කිරීම පිළිබඳ චීන විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමේ වැඩ සටහනක් චීනය විසින් ආරම්භ කරන්නේ යැ යි ද එය ඉදිරි යල් කන්නයේ දී දියත් කරන්නේ යැ යි ද චීන තානාපතිවරයා සඳහන් කළේ ය.