උණුසුම් පුවත්දේශපාලන

ඡන්දපොළට හෙට (14) යන විට මේවා රැගෙන යන්න

උදේන් ඡන්දපොළට යන්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහවැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරපත් කර ගන්නේ හෙට (14)  යි. ඒ සඳහා  හෙට පෙරවරු 7. 00 සිට පස්වරු 4. 00 දක්වා ඔබට ඡන්දය පාවිච්චි කරන්නට කාලවේලා ඇතත් හැකි තරම් වේලාසනින් ගොස් ඡන්දය පාවිච්චි කරනා සේ මැතිවරණ කොමිසම ඡන්දදායකයින් ගෙන් ඉල්ලා සිටී.     

සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට   තමාට නියමිත ඡන්ද පොළ කරා යනවිට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක්   ගෙන යාම අනිවාර්ය බව,  ප්‍රකාශ කරන මැතිවරණ කොමිසම එහි දී එය පරීක්ෂාවට ඡන්ද පොළේ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ඇවැසි බව ද කියයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය යි මේ.