විසිතුරු වදන් විතරයි. වැඩ නෑ. - සජිත්
2026 වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කළ බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මේ දෙවැනි අයවැය තුළ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාව ඡන්ද වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක වන්නේද කියා සොයා බලන ලෙසත් මේ රටේ ජනතාවට දුන් පොරොන්දු පත්‍රය හොඳින් කියවා බලා කරපු අයවැය කතාව සහ යෝජනා අතර ගැලපීමක් ඇත් ද කියා සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
අයවැය ඉදිරිපත් කරන විට හිනාවෙවි කැරකි කැරකි හෙමින් සීරුවේ සහ මහ හයියෙන් අදහස් ප්‍රකාශ කරමින් අයවැය ඉදිරිපත් කළත් ඒ ඉදිරිපත් කළේ බොරු මල්ලක් බවත් බොරුව මුසාව මුලාව අසත්‍ය ජනතාව ඇන්දවීම හරහා ඔවුන්ගේ රජයේ පැවැත්ම තහවුරු කර රටේ ජනතාව අනාථ කිරීම පමණක් ක්‍රියාත්මක කර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, නීතීඥ අජිත් පී පෙරේරා මහතා, ජගත් විතාන මහතා, චරිත් අබේසිංහ මහතා, පී. ඩී. අබේරත්න, කිත්සිරි කහටපිටිය මහතා මහතා ඇතුළු පිරිසක් එක්විය. මෙම ජන හමුවට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මව්ගම, හොරණ බටුවිට, ජයසේකරාරාමය වෙත ද පැමිණියේය.
අද රජය අනුගමනය කරන්නේ බොරුව සමාජගත කර ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරු කිය කිය යන බවත් ගොබෙල්ස් න්‍යාය අනුව මේ බොරුව සමාජගත වෙලා ඔවුන්ට නිරන්තරයෙන්ම රාජ්‍ය බලයේ ඉල්ලට ලැබෙයි කියා සිතන බවත් මේ අයවැය යෝජනාවල 40-50% අතර ඇති දුප්පත්කමට විසඳුම් දෙන්න වැඩපිළිවෙළක් දර්ශනයක් හා දැක්මක් නොමැති බවත් මේ 2022 පෙර මෙරට ජනතාවට තිබූ ජීවන තත්ත්වය 2019 ජීවන තත්ත්වයට හෝ නැවත පැමිණ නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
මේ රජය අයි. එම්. එෆ්. එකේ වහලෙක් වෙලා
නව අයි.එම්.එෆ්. ගිවිසුමකට සූදානම් යැයි ජනතාවට පැවසුවත් හිටපු ජනාධිපතිවරයාගේ අයි.එම්.එෆ්. ගිවිසුමම අනුමත කර ඇති බවත් එදා 35000ක් උපාධිධාරින්ට දෙනවා කියු රැකියා අද නොදෙන බවත් ඒ හැම එකකටම හේතුව අයි. එම්. එෆ්. කොන්දේසි බවත් මේ නිසා විදුලි බිල 33%කින් අඩු කරනවා කියු පොරොන්දුව ඉටු නොකර ඇති බවත් මේ රජය අයි. එම්. එෆ්. එකේ වහලුන් බවට පත්ව බඩුමිල පවා අඩු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විසිතුරු වදන් විතරයි. වැඩ නෑ.
මේ රටට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට උපක්‍රමයක් හෝ ක්‍රමෝපායක් රජයට නොමැති බවත් විසිතුරු වදන් වචන හරඹ තුළින් මේ අය චිරාත්කාලයක් රාජ්‍ය බලය තියාගෙන ඉන්න හිතන බවත් රජය කියන කියන ආකාරයට විපක්ෂය දේශපාලනය නොකරන බවත් සමගි ජන බලවේගය නියත වශයෙන්ම රට ගොඩනගන දැවැන්ත දේශපාලන පවුර බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි ගාව දේශපාලන සූදූ නෑ.
අද වන විට රටේ සංවර්දනයක් නැති නිසා දක්ෂ වෘත්තිකයන් රට අතහැර යන බවත් රටේ අර්බුධයක් ඇති කර බලයට එන්න සමගි ජන බලවේගය සූදානම් නැති බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් සමගි ජන බලවේගය විදේශ රටවලට ගියත් කියන්නේ රටට උදව් කරන්න කියා බවත් අද මුදල්වලට හෝ බෙහෙත් ගන්න නැති නිසා ඉන්දියාවෙන් මේ බෙහෙත් ලබා දෙන ලෙස තමා ඉල්ලා සිටි බවත් එබැවින් පසුගිය කාලයේ සිදු වූ දේශපාලන සූදුවලට සමගි ජන බලවේගය කිසිම දිනක ප්‍රවේශ නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
