ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

ජනපති අනුරගෙ මංගල අයවැය තුනෙන් දෙකකින් (2/3) සම්මතයි

වන්නියේ කාදර් මස්තාන් මන්ත්‍රීවරයා අයවැයට පක්ෂ වෙයි

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114 කින් මීට අඩ හෝරාවකට පමණ පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද එකසිය පනස් නමයක් (159) ලැබුණි.

විපක්ෂව ලද්දේ ඡන්ද හතළිස් පහ (45) කි. 

ජාතික ජන බලවේගය නියෝජනය කරන මැති ඇමතිවරුන් අයවැයට පක්ෂව ඡන්දය දෙන ලදි. සමගි ජන බලවේගය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, යන පක්ෂවල මන්ත්‍රීවරුන් අයවැයටට විපක්ෂව තම ඡන්ද පාවිච්චි කරන ලදි. 

වන්නි දිස්ත්‍රික් ජාතික ලැයිස්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ද අයවැයට පක්ෂ විය. 

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඡන්දය පාවිච්චි කළේ අයවැයට විරුද්ධව යි. 

ජනාධිපති මෙන්ම මුදල් ඇමති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ආණ්ඩුවේ මංගල අයවැය ලේඛනය පාර්ලිමේන්තුව හමුවේ තබන ලද්දේ ඉකුත් පෙබරවාරි මස 17 වැනි දා යි. එය පසුදින පටන් විවාදයට ලක් කෙරුණි. අයවැය දෙවැනි වර කියවීම පුරා දින අටක් පැවතියේ ය. 

අයවැය තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාව ඇරඹුණේ පෙබරවාරි 27 සටන් අද (21) සවස් භාගය දක්වා යි.