උණුසුම් පුවත්

ජනපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා සියය‌ට සීයක් දක්වා ඉහළට

ජනාධිපති අරමුදල මඟින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර මේමස පටන් සියයට සියයකින් ඉහළ නංවා ඇත.
මෙතෙක් මෙම අරමුදලින් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනා ගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීමට පියවර ගෙන ඇත.
වයස හවුරුදු 21 ට අඩු දරු දැරියන් උදෙසා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමට, කඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම්වලට රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ලබා දීමට හා මෙකී ආධාර ලබා දීමේ දී මෙතෙක් සැලකිල්ලට ගත් රුපියල් 150000. 00 ක ආදායම් සීමාව රුපියල් දෙලක්ෂය දක්වා වැඩි කිරීමටත් තීන්දු කර තිබේ.
එමෙන් ම මේ දක්වා ගෙවන ලද වෛද්‍යාධාර 50% සිට 100% දක්වා ඉකුත් 01 දා සිට ඉහළ නැංවීමට ද ජනාධිපති අරමුදලේ නිලධාරීන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැ යි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මෙම අරමුදලෙන් ආධාර ලබා ගෙන අදාළ සැත්කම් කර ගන්නට ඒ ඒ පළාත්වල රෝහල් ජනාධිපති අරමුදල් කාර්යාංශය විසින් පහසුක්‍රම වේදයක් අරඹා ඇති බව ද එහි වැඩි දුරටත් සඳහන් වේ.
කරාපිටිය ශීක්ෂණ රෝහලේ දැනට රාජකාරියෙන් පසු කරනු ලබන සැත්කම්වලට අදාළ කාර්ය මණ්ඩල වෙත ගෙවනු ලබන්නා වූ දීමනා ද මේ වසරේ සිට වැඩි කරන්නනට තීරණය කර ඇත. එය අනෙකුත් රෝහල් හි දී ද එසේ ම ගෙවීම් කරනා බව ද කියයි.
එටමන් ම ඇට මිදුළු බ්ද්ධ කිරීමේ සැත්කමට පෙර හෝ පසු හෝ කරනු ලබන බාහිර පරීක්ෂණ වෙනුවෙන් ද මේ හවුරුද්දේ සිට වෛද්‍යාධාර කරන්නට ද තීරණ වී ඇත.