උණුසුම් පුවත්දේශපාලන

ජනපති කාන්තාවකට අයිති හෝටලයේ නැවතුණේ අනුරාධපුරේ ජනාධිපති මන්දිරේට නොයන නිසා

හෝටලේ අයිතිකරු ගැහැනියක් ද , පිරිමියෙක් ද  යන්න වැදගත් නෑ - නලින් ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු ෙදයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම පිළිබඳ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීහු කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසූහ.

 වර්තමානයේ ජනාධිපතිවරයා භාවිත කරනු ලබන්නේ කොළඹ සහ මහනුවර පිහිටි නිල ජනාධිපති මන්දිර දෙක පමණක් බව"  අමාත්‍යවරයා පිළිතුරු දෙමින් ප්‍රකාශ  කළේ ය.

ජනාධිපතිවරයා  දුර බැහැර පළාත්වල සංචාරයේ යෙදෙන විට හෝටල්වල නවාතැන් ගැනීමට සිදුවන්නේ යැයි ද හේ  කීයේ ය.

ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ මෙම ක්‍රියාමාර්ගය ගන්නේ යැ යි ද  අමාත්‍ය නලිිිි ජයතිස්ස මහතා වැඩිදුරටත් කීවේ ය.

ජනාධිපතිවරයා එවන් ගමන්වල දී නවාතැන් ගන්නා වූ හෝටලේ අයිතිකරු කාන්තාවක් ද , පිරිමියෙක් ද  යන්න එතරම් අදාළ නොවන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේ ය.