ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

ජනපති ගේ උතුරු කරේ සංචාරය

රට පුරා නිවාස 31,218 ඉදිකිරීමේ 2026 ජාතික නිවාස වැඩසටහන යාපනය, චාවකච්චේරියේදී  අරඹයි

සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී ඊයේ (15) පස්වරුවේ සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස මේ වන විට යාපනය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ගෙන තිබේ.
දෙමළ සංස්කෘතිකාංග රැසකින්ද මෙම තෛපොංගල් උත්සවය වර්ණවත් විය.

♣️♣️♣️ ♣️♣️♣️ ♣️♣️♣️

රට පුරා නිවාස 31,218 ඉදිකිරීමේ 2026 ජාතික නිවාස වැඩසටහන යාපනය, චාවකච්චේරියේදී  අරඹයි

යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500 ක ඉදිකිරීම් ඇරඹේ
උතුරේද, දකුණේද, නැගෙනහිරද  කොතැනක හෝ කිසිදු අන්දමකින් යළි ජාතිවාදයට ඉඩක් නැහැ
යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපගේ පාලන කාලය තුළ විසඳනවා
යාපනය දියුණු කරමින් එහි ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා යැ යි ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසී ය.