ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

ජනපති ගේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වගයි

පොහොසත් රටකට පළමු පියවර

අනුර ගෙ මංගල අයවැය

2025 වසරේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4990 කි. සමස්ත වියදම රුපියල් බිලියන 7190 කි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මංගල අයවැයෙහි හිගය රුපියල් බිලියන 2200 කි.

මම දැන් මේ පාර්ලිමේන්තුවට 2025 අයවැය පයෝජනා ඉදිරිපත් කරනවා. යි  පවසමින් ඔහු ඉදිරිපත් කළ අයවැය වාර්තාව මුද්‍රිත පිටු සංඛ්‍යාව 47 කින් සමන්විතය. 
භාණ්ඩ හා යසේවා අපනයනය පුළුල් කිරීම

ශ්‍රී ලංකාපේ පගෝලීය වෙළඳ පොළවලට අපනයනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම මගින් ශ්‍රී

ලංකාවේ  භාණ්ඩ හා සේවා අපනයන හැකියාව මහා පරිමාණයෙන්  වැඩි කිරීමේ  අරමුණින් රජය

ජාතික අපනයන සංවේධන සැලැස්මක් (2025-2029) සකස් කරනු ඇත. නව අපනයන

වෙළඳපොළවල් අත්පත් කර ගැනීමට, පවතින වෙළඳපොළ පුළුල් කිරීමට හෝ මහා

පරිමාණ අපනයනකරුවන්ගේ දාමයන් සහ ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ වීමට

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSMEs) හට පහසුකම්  සැලසනු ඇත.

උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලකට ලබා ගත හැකි අමුද්‍රවය සඳහා ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත්

කිරීමේ අරමුණින්, සරල, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි තීරුබදු  රාමුවක්

නිර්මාණය  කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් මත පදනම්ව  නව තීරු බදු නීර්ණණ ‌වේ.

විශේෂයෙන් කලාපීය විස්තීර්ණ හවුල්කාරිත්වය (RCEP) සහ අනෙකුත් ගිවිසුම් හරහා

ආසියාන් (ASEAN) සංවිධානයේ  රටවල් සමඟ ආර්ථික  සබඳතා වැඩි දියුණු කිරීමේ  අරමුණින්,

උපායමාර්ගික හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාවේ නිදහස් වෙ ගිවිසුම් (FTA) ජාලය පුළුල් කිරීම

සඳහා කටයුතු කරනවා.

අපේ භාණ්ඩ හා  අපනයනය වැඩි දියුණු කිරීම සඳහා අපගේ  රාජ්‍ය තාන්ත්‍රික දූත

මණ්ඩලවල කැපවූ සහ වඩාත් වෘත්තීමය  උත්සාහයන් සමඟ ආර්ථික  රාජය තාන්ත්‍රිකභාවය 

කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.

අපගේ  අපනයනකරුවන් සමඟ විදේශීය ව්‍යාපාරික ජාල, වාණිජ අවස්ථා සහ වාණිජ

 වැඩි දියුණු කළ හැකිවන ප්‍රවේශයක් සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව යොදා

ගන්නවා.

ප්‍රධාන විදේශ  වෙළඳාම සම්බන්ධ ආයතන (key border agencies) සහ අපනයනකරුවන්

ලියාපදිංචිය ස්වයංක්‍රීයකරණය හා ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි  කවුළුව

(TNSW) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

ආදායම් එකතු කිරීම හා වෙළඳ පහසුකම්  කාර්යක්ෂම  කිරීමට  නව රේගු පනතක් හදුන්වා දීමට

කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ ද්විත්වබදුකරණය වැළැක්වීමේ ගිවිසු (DTA) දැනට පවතින  ද්විත්ව බදු ගිවිසුම් 44

න් ඔබ්බට පුළුල් කරනු ලබන අතර එහි දී ඉහළ වෙළඳ හා ආන විභවයක් ඇති රටවලට

ප්‍රමුඛතාවය දෙනු  ලබනවා.

  1. ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැපයීම

අපනයන කේන්ද්‍ර කරගත් ආයෝජන සහ විශේෂිත අංශයන් සඳහා වන කලාප පුළුල් කිරීම,

තිරසාර භාවිතයන්,  කළමනාකරණය සහ හරිත තාක්ෂණය කෙරෙහි අවධානය යොමු

කරන පරිසර හිතකාමී කාර්මික -  උද්‍යාන පිහිටුවීම සඳහා රාජ්‍ය  පෞද්ගලික හවුල්කාරීත්ව

ක්‍රමවේදය  සහ පෞද්ගලිකව පවත්වා  යනු ලබන කලාප හරහා රජය සිය සහයෝගය ලබා

දෙනු ලැබේ.

නැගී එන ආයෝජන වර්ධනයන්ට ගැලපෙන පරිදි ආර්ථික පරිවර්තන පනත සංශෝධනය

කරනු ඇත.

ඵලදායී  කටයුතු සඳහා රජය විසින් භාවිතා නො කළ රජය සතු ඉඩම් ඵලදායි ආර්ථික

කටයුතු සඳහා බදු දෙනු ඇත.

  මන්ත්‍රීලාට වාහන හෝ බලපත‍්‍ර නෑත.  රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක් ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර හෝ ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ඒ ඔහුගේ මංගල අයවැය වාර්තාව අද (17) උදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය. 

ඔහු සඳහන් කළේ මෙවර අයවැයෙන් ඒ වෙනුවෙන් මුදල් වෙන් නොකළ බව යි.

රජයේ උසස් නිලධාරීන් හට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


 ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යට වෙන් කරැති බව ද හේ කීවේ ය.

-------

රජයේ ඉඩම් බදු දීම

ඵලදායි ආර්ථික කටයුතු වෙනුවෙන් රජයේ ඉඩම් බදු දෙන බව ද ජනපති කී ය.

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දීම සදහා 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ.

---------

 අලුතින්  සංවර්ධන බැංකුවක් 

නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට රජය කටයුතු කරමින් සිටින බවත් එහි පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා  එම බැංකුව ස්ථාපිත කරන බවත් සිය අයවැය කතාවේ දී ඔහු සඳහන් කළේ ය.

ජාතික ණය ඇපකර ආයතනය හරහා රජය විසින් මෙම ආයතනයට සහය දෙන්නේ යැ යි ද හෙතෙම පැවසීය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

----------

මහපොළ ශිෂ්‍යාධාර වැඩි කෙරේ

මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4500 ට රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ.