උණුසුම් පුවත්

ජනපති ධූර කාලය හවුරුදු පහයි – නීතිපතිවරයා සඳහන් කරයි

ලේනව ගේ පෙත්සම ට නීතිපති ගේ ප්‍රතිචාරය යි

ජනාධිපතිවරයාගේ නිල කාලය පස් වසරක් බව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් යැයි  අද ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපතිවරයා  දන්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට අද මූලික මිනිස් අයිතාවාසිකම් පිළිබඳ පෙත්සමක් කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරලා කණිෂ්කා ද සිල්වා මේ බව පවසන ලදි.

සී. ඩී. ලේනව මහතා විසින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ද සිල්වා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විසින් පෙන්වා දෙනු ලැබිණි.