උණුසුම් පුවත් ජනපති මැයි දින රැළි දෙකකට එක්වෙයි 2024-04-300 කම්කරු කොංග්‍රසයේ වතුකර ජනතාව සමඟ අද උදේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය. ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය හෙට (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ඊට එක්වීමට නියමිතය. ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනු ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ලංකා කම්කරු කොංග්රසයයි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජාතික නාමල් උයන රැකගන්නට උරදුන් මාධ්‍යවේදීන්ට උපහාර Next Article විපක්ෂ නායක ගේ මැයි දින පණිවිඩය