ඇය සේවක වැටුප් ගෙවීම පැහැර හැරීමක් මත වරෙන්තු නිකුත් කරලා
ප්රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොගො මහත්මිය අයත් පුද්ගලික ආරක්ෂක සමාගමක සේවක වැටුප් ගෙවීම පැහැර හැරීම ගැන අධිකරණයේ පවතින නඩු කිහිපයකට ඇය අධිකරණයට නොපැමිණීම නිසා වරෙන්තු කිහිපයක් පනවා ඇති අතර ඇය අත්අඩංගුවට ගන්නා ලද්දේ එනිසා බව පැවසේ.
ඉද්දමල්ගොඩ මහත්මිය ගේ පුද්ගලික ආරක්ෂක සේවා සමාගමේ සේවකයන්ට වැටුප් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නඩු කිහිපයක් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. ඊට අදාළ ඇයට එරෙහිව වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබෙනා බව ද ආරංචි මාර්ග දක්වයි.
රිය අනතුරක් ගැන පොලිසියට පැමිණිලි කිරීමට ඉද්දමල්ගොඩ මහත්මිය පැමිණි අවස්ථාවේ එකී වරෙන්තුවලට ඕ අත්අඩංගුවට ගෙන ඇත. ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකඩ පොලිසියේ දී ය.