උණුසුම් පුවත්

සජිත්

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහන

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ අද මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය සංගීත උපකරණ සහ නර්තන ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

නැවතත් ජන සවියක් රටට අවශ්‍ය බව හේ මෙහිදී සඳහන් කළේ ය

රටේ දුප්පත්කම වැඩි වී ඇති නිසා ජනසවියට සමාන වැඩපිලිවෙළක් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාවට නංවන බවත් අපනයන ප්‍රවර්ධන වැඩසටහනටත් උත්තේජකයක් වන දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට ද දායක විය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මෙතෙක් කල් වහල්, අමාරු ජීවිතයක් ගත කළ ජනතාවගේ ජන ජීවිත මහා පීඩනකාරී දුප්පත්කමේ මර උගුලින් මුදවා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

දූදරුවන් මෙන්ම වැඩිහිටියන් ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය හා පහසුකම් ලබා දීම ශිෂ්ඨසම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවත් මේ මොහොතේ ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15% ක පොලි ආදායම 6% ට 8% ට පහත දමා ඇති බවත් මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් ඒ වැඩිහිටි ජනතාව තමන්ගේ බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.