ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භයේම පරාජයේ පෙරනිමිත්තක්. - ෂාන් විජේලාල් ද සිල්වා
කවුරු මොනවා කිවත් ජනාධිපතිවරයාට නිශ්චිත වැඩපිළිවෙළක් යාන්ත්‍රණයක්, නැතිව යි ජනාධිපතිවරණයට තරකරන්නේ. ඔහු ස්වාධින අපේක්ෂකයෙකු සේ ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භයේම පරාජයේ පෙරනිමිත්තක් බව කියනවා.
"නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියනවා ජනාධිපතිවරයා පක්ෂය දෙකඩ කළා කියලා. ජනාධිපති පුටුවට යන්න උදව් කරපු පොහොට්ටු පක්ෂයට එහෙම කළා නම් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උදව් කිරිමට යන පොහොට්ටුවේ අයට රනිල් වික්‍රමසිංහ වැරදිලාවත් ජනාධිපති ධුරයට පත්වුවහොත් කළ ගුණ සලකන හැටි හිතාගන්න පුළුවන්"
සමගි ජන බලවේගයේ අම්බන්ගොඩ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල් මන්ත්‍රිවරයා අද (26) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.
"82 වර්ෂයේ සිට පැවති කිසිදු ජනාධිපතිවරණයක දි ස්වාධින අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරලා නැහැ. ඇපත් රාජසන්තක වෙලා තමයි තියෙන්නේ. කවුරු මොනවා කිවත් ජනාධිපතිවරයා නිශ්චිත වැඩපිළිවෙළක් යාන්ත්‍රණයක්, නැතිව තමයි ජනාධිපතිවරණය සදහා තරකරන්නේ. ඒ නිසා ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භයේම පරාජයේ පෙරනිමිත්තක්.
" නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියනවා ජනාධිපතිවරයා පක්ෂය දෙකඩ කළා කියලා. ජනාධිපති පුටුවට යන්න උදව් කරපු පොහොට්ටු පක්ෂයට එහෙම කළා නම් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උදව් කිරිමට යන පොහොට්ටුවේ අයට රනිල් වික්‍රමසිංහ මහත්තයා වැරදිලාවත් ජනාධිපති ධුරයට පත්වුවහොත් කළ ගුණ සළකන හැටි හිතාගන්න පුළුවන්" ෂාන් විජේලාල් මහතා පැවසුවේ ය.