මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුයි
ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවත්, වත්මන් කාල රාමුවට අනුව මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදීමට නියමිතය.
මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය
