හතළිහක් පෙරපිටියේ
එළඹෙන 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වැදීමට අද දහවල් 12 ට ඇප මුදල් බැඳ තිබූ අපේක්ෂකයින් සංඛ්‍යාව 40 කි.
මොවුන් අතර පිළිගත් දේශපාලන පක්ෂ 22 කින් ද, වෙනත් දේශපාලන පක්ෂයකින් හා ස්වාධීන අපේක්ෂකයින් 17 ක් වෙනුවේන ඇප තැන්පත් කර තිබුණි. අද දහවල් 12. 00 වන තෙක් ඇප මුදල් භාර ගැනීම සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග වදින්නේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයෙන් ද, අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයෙන් ද තරග වදිති.
ආණ්ඩු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එම පක්ෂයේ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා සේ පොරපිටියට පිවිස සිටී.
මීට අමතරව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා සේ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ද, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ද එක්සත් සමාජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය මහතා ද, රුහුණු ජනතා පක්ෂයෙන් අජන්ත සොයිසා මහතා ද, එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනක රත්නායක මහතා ද, සමාජවාදී ජනතා සංසදයෙන් නුවන් සංජීව බෝපගේ මහතා ද, එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් ලලිත් ද සිල්වා මහතා ද, සමබිම පක්ෂයෙන් නාමල් රාජපක්ෂ මහතා ද එක්සත් සන්ධානයෙන් මොහොමඩ් ඉන්ෆාස් මහතා ද, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් ප්‍රසන්ග සුරංග අනෝජ් ද සිල්වා මහතා ද, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් මහින්ද දේවගේ මහතා ද, අපේ ජනබල පක්ෂයෙන් ජේ. ඩී. කේ. වික්‍රමරත්න මහතා ද, නව සමසමාජ පක්ෂයෙන් ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ මහතා ද, තරග වැදීමට ඇප මුදල් තැන්පත් කර ඇත.
එමෙන් ම ශානි විජේවර්ධන මහතා සමාජවාදී සමානතා පක්ෂයෙන් ද, ඒ. එස්. පී. ලියනගේ මහතා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ද, කේ. ඩී, ඔෂල ලක්මාල් අනිල් හේරත් අභිනව නිවහල් පෙරමුණෙන් ද සරත් මනමේන්ද්‍ර නව සිහළ උරුමයෙන් ද තරගයට පිවිසීමට සූදානමින් ඇප තැන්පත් කර තිබේ.
මීට අමරතව අක්මීමණ දයාරතන හිමිපාණන් සහ බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් ද ඇප මුදල් තැන්පත් කරන ලදහ. සීලරතන හිමියෝ ජනසෙත පෙරමුණෙන් තරග වදිති. දයාරතන හිමිපාණන් ජනාධිපති අපේක්ෂකත්වයට ඇප තැන්පත් කර ඇත්තේ ස්වාධීන භික්ෂුවක් හෑටියට යි.