වමේ ආසනයක් සේ සැළකුණු බණ්ඩාරගම අද සමගි ජන බලවේගයේ ජයග්‍රහණයේ මාවත දෙසට යි - නයනක රන්වැල්ල
‘‘මිනිහා නොහදා රට හදන්න බෑ , මිනිහත් හදා ගනිමින් පමණයි රට හදාගන්න ඕන කියලා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමියෝ ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් රට සංවර්ධනය කරනවා , ආර්ථික දියුණුව ඇති කරනවා කියලා ජනාධිපතිවරයා සහ ඔහුගේ ගජමිතුරුන් කරන්නේ සුරසැප විඳින එකයි. නමුත් සංවර්ධනය සහ දියුණුව ලෙස අපි අදහස් කරන්නේ රටේ ලක්ෂ 220 ක් වන ජනතාවගේ සංවර්ධනයයි.දියුණුවන බව පවසා ඉලක්කම් ඉදිරිපත් කළාට වැඩක් වෙන්නේ නෑ. දියුණුව , සංවර්ධනය , සුභසාධනය ජනතාවගේ මුදල් පසුම්බියට හදවතට දැනෙන්න ඕන. ඒ සුබසාධන ප්රතිලාභ ජනතාව භුක්ති විඳින්න ඕන.
අද වනවිට විට වරදාන වරප්‍රසාද සියල්ල භුක්ති විඳින්නේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවයි. ලක්ෂ 220 ක් අනාථ කරලා මැතිවරණයක් ආසන්න වනවිට බොරු පොරොන්දු ඉදිරිපත් කරලා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව හිතනවා මේ වතාවෙත් ජනතාව රවට්ටන්න පුලුවන් කියලා. මේ වතාවේ රටේ ජනතාව රැවටීමට සුදානම් නෑ" සිය ජනාධිපතිවරණ හටනට පිවිසි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ දෙවැනි ජන හමුව අමතමින් එසේ සඳහන් කළේ ය. ඒ බණ්ඩාරගම නගර මධ්‍යයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලි මාලාවේ දෙවැන්නට සහභාගි වෙමිනි.
රටේ තිබෙන දැවෙන ප්‍රශ්නවලට විසදුම් සපයන්න අපි සුදානම් , රටේ වැටී තිබෙන ආර්ථික අගාධයෙන් රට ගොඩගන් අපි සුදානම් , රට ශක්තිමත් කරන්න අපි සුදානම් , සංවර්ධනයේ අරුණළු ජනතාවට ලබාදෙන්න අපි සුදානම් , සැප්තැම්බර් 12 වැනිදායින් පසු කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ සියලුම දිස්ත්‍රික්ක දැවැත්ත සංවර්ධන යුගයක් කරා ගෙනයාමට අපි කැප වෙනවා.
ශ්‍රී ලංකාවේ 76 වසරක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ කිසිම විරුද්ධ පක්ෂයක් රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා නෑ. එලෙස රට වෙනුවෙන් වැඩ කළ එකම විරුද්ධ පක්ෂය සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය පමණයි. සක්වල , හුස්ම වැඩසටහන යටතේ රුපියල් බිලියක් වටිනවා සංවර්ධන ක්‍රියාදාමයන් රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරිමට කැප කරලා තිබෙනවා. ඒවා රජයේ මුදල් නෙවෙයි. අපිව විශ්වාස කරලා ධානපතියන් ලබාදුන්න ආධාර උපකාරවිලින් තමයි ඒ සංවර්ධනය අපි දියත් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මේ ජන රැලිය අමතමින් මෙසේ අදහස් දැක්වූයේ ය.
''මේ වනවිට ජනතා රැල්ල ගොනු වෙලා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි. ඒ නිසා ජනාධිපතිවරණ වේදිකාවේ තනියම සෙල්ලම් කරපු පිරිස් දැන් පසුබැහගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනින් පළවෙනියා වෙන එක නවත්තන්න කාටවත් බෑ. නියත ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස බව රටේ ජනතාව හොදින්ම දැන් දන්නවා.ජනතාවගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ගිහින් , මන්ත්‍රීධුර ලබාගෙන ජනාධිපතිවරයා ලඟට කරනම් ගහපු දෙන්නෙක් ඉන්නාවා. සමගි ජනබලවේගයේ පිරිසක් ජනාධිපතිවරයා ළඟට එනවා කියලා ඒ දෙන්නා පුරසාරම් දොඩවමින් ජනාධිපතිවරයා දෙන්න පුලුවන් ලොකුම ලණුව දුන්නා. වරදාන වරප්‍රසාද වලට සමගි ජනබලවේගයේ කිසිම කෙනෙක් හොල්ලන්න නොහැකි බව එයින් පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම අවසානයේ ජනතා වරමට පයින් ගහලා ජනාධිපවරයා ළඟට ගිය ඒ පුද්ගලයන් දෙන්නාට මන්ත්‍රීධූරයත් , ඇමැතිධූරයත් අහිමි වුණා" යි ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා
‘‘අරගලයෙන් පස්සේ රාජපක්ෂවරු තෝරාගත්තේ රනිල් වික්රමසිංහව. කෙසේ නමුත් ජාත්‍යන්තරයෙන් එන දොස් වළක්වා ගන්න ඕන නිසා රටේ නායකත්වය භාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාටත් ආරාධනා කළා. රටේ නායකත්වය භාර ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන්න ඇරයුම භාරගත්තේ නෑ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා නිතරම කියනවා. නමුත් රාජපක්ෂවරු උත්සහ කළේ සජිත් ප්‍රේමදාස මහතාට රට භාර දීලා සජිත් ප්‍රේමදාස මහතාව විනාශ කරන්න. ඒ බව අපි දැනගෙන හිටියා ඒ නිසා අපි කිව්වා මේ මොහොතේ රටේ නායකත්වය භාර ගන්න එපා කියලා.
රාජපක්ෂවරුන්ට තිබෙන වංචා දුෂණ චෝදනා වලින් ආරක්ෂා වීමට ඕන නිසා තමයි රාජපක්ෂවරු රනිල් වික්රමසිංහව රටේ නායකයා බවට පත් කර ගත්තා. නමුත් අවසානයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදුජන පෙරමුණත් විනාශ කරලා දැම්මා. පොදුජන පෙරමුණ ආරක්ෂා කරගන්න මහින්ද රාජපක්ෂ දැන් තමන්ගේ පුතාව ජනාධිපතිවරණ සටනට එවලා තිබෙනවා. පොදුජන පෙරමුණ ආරක්ෂා කරගන්න මහින්ද රාජපක්ෂට වෙන විකල්පයක් නෑ" හකීම් මහතා බණ්ඩාරගම ජනතාවට කීවේ ය.
‘‘රටට ඕන රටේ පොඩි මනුස්සයා ගැන හිතන නායකයෙක් , රටේ කෘෂිකර්මාන්තය ගැන හිතන නායකයෙක් , රට ගොඩනගන්න පුලුවන් හදවතේ කරුණාව තිබෙන නායකයෙක් , ඒ නායකයා තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. ඒ වගේම රටේ අනාගතය ගොඩනගන්න දැක්මක් තිබෙන , වැඩපිළිවෙළක් තිබෙන නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි. රටේ පොඩි මනුස්සයා වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වැඩපිළිවෙළ සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන්නා. ඒ වගේම රටේ නියත ජයග්රහනටක් ලබන නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වෙලා තිබෙන්නේ ජනතාවගේ ආදරය නිසයි. ප්රජාතන්ත්රවාදයට ආදරය කරන බලවේගය සියල්ල සහ රටේ සියලුම ජාතීන් අද එකතු වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි" යි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී, පෙරේරා මහතා පැවසී ය.
බණ්ඩාරගම ඉතිහාසයේ පළමු වතාවට තමයි සෙනසුරාදාවක මහ ජන ගඟක් ගෙන්නලා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන්නේ. එදා වමේ ආසනයක් වෙච්ච මේ ආසනය අද පවුු පදනම් බිදගෙන අපි ජයග්‍රහණය කරන මාවතට ගෙනල්ලා තියෙනවා කියන එක බය නැතිව අපි කියනවාග අර මාල හොරා රනිල් වික්‍රමසිංහගේ හෙංචයියො ඇවිත් මේ ආසනයේ දැගලුවත් මේ ආසනය ආයිත් හරවන්න බැග අද මුලු බණ්ඩාරගමම එකම හිස් ගොඩක් බවට පත්වී තිබෙනවාග බණ්ඩාරගම පමණක් නෙවෙයි කලුතර දිස්ත්‍රික්කයේ තිබෙන ග්‍රාමසේවා වසම් සියල්ලම ජයග්‍රහණය කරනවා" යි සමගි ජන බලවේගයේ බණ්ඩාරගම සංවිධායකවරයකු වන නයනක රන්වැල්ල මෙහි දී පැවසී ය.