උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 සැප්තැම්බර් 21

පුටුව පණගසා ඇවිත් රනිල්ට සහාය

ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය උදෙසා ඇප කැපවී ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඔහු ඒ බැව් සඳහන් කළේ අද බත්තරමුල්ලේ දී පැවති පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් අනතුරුව යි. 

පොදුජන එත්සත් පෙරමුණ හා සම්බන්ධ මහජන නියෝජිතයින් තිස් දෙනකු පමණ සිටින බව කී අනුර ප්‍රියදර්ශන යාපා මහතා තම සංවිධානය සියලු ජන වර්ගවලින් සමන්විත දේශපාලන පක්ෂයක් යැ යි ද සඳහන් කරයි.