ජනපති අපේක්ෂක, ජනපති, නාමයෝජනා අත්සන් කරයි
කොළඹ 07 මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මැතිවරණ ප්රචාරක කාර්යාලයේ දී අද (14) ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් හෙතෙම නාමයෝජනා පතත්රයට අත්සන් තැබී ය.
ජනාධිපතිවරයා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, කංචන විජේසේකර, අලි සබ්රි යන ඇමතිවරුන් ද, රාජ්‍ය ඇමති පියල් නිශාන්ත, එස්. බී. දිසානායක, මනූෂ නානායක්කර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරු ද එක්ව හුන්හ.