උණුසුම් පුවත්

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21

39් ක් සටන් බිමට පිවිසෙති

එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තිස්නම (39) දෙනෙක් තරග වදිති. ඒ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා අද (15) දහවල් නිවේදනය කළේ ය

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂකයින් 40 කු ඇපමුදල් තැන්පත් කළ ද එයින් එක අයකු නාමයෝජනා භාර දුන්නේ නැති වග ද හේ සඳහන් කළේ ය.
පිළිගත් දේශපාලන පක්ෂ හා වෙනත් පක්ෂයකින් අපේක්ෂකයින් 22 ක් ද ස්වාධීනව තරග කරන අපේක්ෂකයින් 17 ක් ද නාමයෝජනා භාර දෙන ලදි.
විරෝධතා දැක්වීම් තුනක් ඉදිරිපත් වුව ද ඒවා මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට නොසරිලන හෙයින් ප්‍රතික්ෂේප කළ බව රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.
2024 සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගැනීම අද දහවල් 11. 00 ට අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා දහවල් 12. 00 න් පසු ජනාධිපති අපේක්ෂක නාම ලේඛනය රටට ජනතාවට ප්‍රකාශ කරන ලද්දේ ය.