ජාතික කොඩිය හා ජාතික ගීයට හානි නොවන සේ කටයුතු කිරීමේ වගකීම අපේ යුතුකමයි
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මැතිවරණ කටයුතු උදෙසා යොදා නොගන්නා සේ මැතිවරණ කොමාසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා අපේක්ෂකයනට පවසයි. එසේ වුවහොත් නීතිය ක්‍රියාත්මක කරනා බව ද හේ අවධාරණය කරයි.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා එසේ ප්‍රකාශ කළේ සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම උදෙසා පැවති වැඩමුළුවක දී ය. පැෆරල් සංවිධානයේ සහායෙන් මේ වැඩ මුළුව පැවැත්විණි.
''ජාතික කොඩියේ ගරුත්වය, අභිමානය අද බල්ලට ගිහින්. මෙය මෙසේ සිදුවිය යුතු දෙයක් නොවේ. ජාතික කොඩිය මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගන්න එපා" ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කරයි.
ජාතික කොඩියේ අභිමානය හා ගරුත්වය රැකීම හැම දෙනා ගේ ම වගකීම හා යුතුකම බව ද ජාතික ගීයේ අගය ද ගැන කී ඔහු ජාතික ගීයත්, ජාතික කොඩියටත් නිසි ගෞරව සැළකිලි දැක්වීම පුරවැසි හැම ගේ වගකීම බව ද ප්‍රකාශ කළේ ය.