උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ - අනුර කියයි

ජාතික ජන බලවේගයට ඡන්ද ලක්‍ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා යැ යි අනුර කුමාර දිසානායක මහතා පවසයි. හේ එ බැව් සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජාතික ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

 රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව බාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා” රාජපක්‍ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. දෙදහස්විසිදෙකේ මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ.

ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා” කියලයි. අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ඒ ප්‍රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඬේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්‍ෂා කරනවා.

ඔබතුමාලාට වගේම අනෙකුත් රැළිවලටත් සෙනඟ ඉන්නවා. ඉතින්, මොන වාගේ අභියෝගයක්ද තියෙන්නේ?

අපට අභියෝගය තිබෙන්නේ අප ගාවමයි. අප ගැන විශ්වාස කරන ජනතාව මුණගැසී ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අභියෝගයයි අපට තිබෙන්නේ. අනෙක් පාර්ශ්වය එල්ල කරන අසත්‍ය, අපහාස, මිථ්‍යා මත නිවැරැදි කිරීමේ අභියෝගය ජය ගනිමින්, ජනතාව අතරට තව තවත් යන්න අපට තිබෙනවා. වෙන දේශපාලන පක්‍ෂ අපට අභියෝගයක් නොවෙයි. අපට අභියෝගය තිබෙන්නේ අප සමඟම පමණයි. අපේ පණිවුඩය රැගෙන සෑම නිවසකටම යන්න සැලැසුම්සහගත ව්‍යාපාරයක් අප දියත් කර තිබෙනවා.

ප්‍රශ්නය - ලක්‍ෂ හැත්තෑවක ඡන්ද ඉලක්කයකට යන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් සමහර අය අහනවා?

පක්‍ෂවලට සාම්ප්‍රදායිකව ගොනුවී සිටි ඡන්ද හිමියන්ගේ කාලය දැන් ඉවරයි. ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ලක්‍ෂ හැටනවයක ඡන්දවලින් ලක්‍ෂ පණහකට වඩා වැඩිපුර තිබුණේ සාම්ප්‍රදායික පාක්‍ෂිකයන්ගේ ඡන්ද නොවෙයි. පොහොට්ටුවටම තිබුණේ ඉතා කුඩා ඡන්ද ප්‍රමාණයක්. සජිත් ප්‍රේමදාසට ලැබුණු ලක්‍ෂ පණස්පහක ඡන්ද කියන්නේ ඔහුට ලැබුණු ඡන්ද නොවෙයි, ගෝඨාභයට එරෙහි ඡන්දයි. ගෝඨාභය ආවොත්, ඒකාධිපතියකු ගොඩනැඟෙයි කියන මතයට, මර්දනය දියත් වෙයි කියන සැකයට වාගේම ජාතිවාදය වපුරාවි යන බියට එරෙහිව සජිත් ප්‍රේමදාසට ඡන්දය පාවිච්චි කළා. ඔහුට ලබාදුන් ඡන්ද ලක්‍ෂ පණස්පහෙන් ලක්‍ෂ තිහකට වැඩියෙන් තිබෙන්නේ ගෝඨාට එරෙහි ඡන්ද මිස සජිත්ට පක්‍ෂ ඡන්ද නොවෙයි. එහෙම ගත්තාම පක්‍ෂවලට ලියැවී නැති ලක්‍ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් වාගේම අලුත් ඡන්ද ලක්‍ෂ දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සාම්ප්‍රදායික පක්‍ෂවලින් ක්‍රමානුකූලව ගැලවුණු ඡන්ද විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. මෙවර තිබෙන ලක්‍ෂ එකසියහැත්තෑවක ඡන්දවලින් පක්‍ෂවලට ලියැවී තිබෙන්නේ ලක්‍ෂ තිහ-හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක්. ලක්‍ෂ එකසියතිහක් පමණ පක්‍ෂවලට නොලියැවුණු ඡන්දවලින් සාතිශය බහුතරය ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ඊට අමතරව සාම්ප්‍රදායිකව පක්‍ෂවලට සිටි අයත් ගැලවෙන්න පටන්ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මකව ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්‍ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා.

ඊට අමතරව දේශපාලනික වශයෙන් බැලුවත්, ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේ කැත දේශපාලන සංස්කෘතියට විරුද්ධ ජනමතයත් තිබෙනවා. පොහොට්ටුවට තිබුණු ඡන්ද දේශපාලනිකව ගත්තා ම කොටස් තුනකට බෙදී නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්‍ෂ වශයෙන් බෙදී සිටියත්, ඡන්දදායකයන් ඒ ආකාරයෙන් බෙදී නැහැ. පසුගිය මැතිවරණවලදී සජිත්ට එරෙහිව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම දැන් සජිත්ව වර්ණනා කරන්නේ ඊළඟ වරටත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නයි. උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණේ, එක් අයෙක් දහඅට වරක් පැන ඇති බවයි. ප්‍රතිපත්තිගරුක, ඉලක්කයක් සහිත වැඩපිළිවෙළකින් මේ දේශපාලනය වෙනස් කිරීමට තිබෙන කඳවුර අප පමණයි. ගණිතය ලෙස බැලුවත්, ජාතික ජන බලවේගයට සියයට පණස්එක ඉක්මැවිය හැකියි. දේශපාලනිකව බැලුවත්, සියයට හැට, හැත්තෑවකට වුණත් යන්න පුළුවන්.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ‘ජනෝදානය’ සංවිධානයේ අරුණ ශාන්ත නෝනිස්, ‘ජන නියමු කලාකරුවෝ’ සංවිධානයේ කීර්ති වැලිසරගේ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක