උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

කොළඹ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් වෙතින් දිලිත් අශිර්වාද ලබා ගත් අයුරු යි මේ.

ජනාධිපති ධූරාපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මහතා අද (16) කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයට ගොස් එහි වත්මන් විහාරාධිපති පූජ්‍යපාද ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබා ගත්තේ ය.

දිලිත් ජයවීර මහතා සමඟ ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන් ම සර්ව ජන බලය හි විධායක සභික විමල් වීරවංශ මහතා ද පිවිතුරු හෙළ උරුමයේ නායක සර්ව ජන බලය විෂායක සභික උදය ගම්මන්පිල මහතා ද එක්ව සිටියහ.

මේ ආචාර්ය කිරින්දේ නාහිමි පාණන් විසින් දිලිත් ජයවීර මහතාට ආශිර්වාද පැතූ අයුරු යි. 

දිලිත් ජයවීර මහතා ජනාධිපති ධූරයට තරග වදින්නේ තරුව ලකුණෙනි. ඔහුගේ මේ ප්‍රවේශය නිසා තරුව ලකුණ ‌ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල ලාංචනය බව හතළිස් තුන් හවුරුද්දකට (43) පසුව හෝ ලාංකේය මැතිවරණයක දී ජාතික වශයෙන් යළි මතු කිරීමක් සේ සඳහන් කිරීම වටී.