උණුසුම් පුවත්

ජනාධිපතිවරණය – 2024

විමල් ගෙ ‌පොරකුත් රනිල් ළඟට

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඡන්ද ව්‍යාපාරයට එක් වී ඇත.

හේ නමින් එල්. කේ. ජගත් ප්‍රියංකර මහතා යි. ‌ඔහු ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වන අතරම පක්ෂයේ පුත්තලම නායකයා ද වේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමු වූ හෙතෙම සිය සහාය ඔහුට දක්වන බව පවසා ඇත.