ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත් ජනාධිපති කාර්යාලයට සපැමිණි ඉන්දීය අගමැති 2025-04-050 ජනපති අනුර මෝදි උණුසුම් ලෙස පිළිගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති කාර්යාලය වෙත පැමණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හෙට (06) වැනිදා තෙක් මෙරටට රැඳී සිටී. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මෝදිට අති මහත් හරසර! Next Article ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගත් අයුරු