ඉතිරි වාහන ද නුදුරේදීම වෙන්දේසියට
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14 ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6 ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසියක් ඉකුත් (28) සිදු කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඩිෆෙන්ඩර් ජීප් රථ 09 ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ද ඇතුළු වාහන 15 ක් වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණි. ඉතිරි වාහන ද නුදුරේදීම වෙන්දේසිය කිරීමට නියමිතය.
වාහන මිල දී ගැනීමේ අපෙක්ෂාවෙන් ව්‍යාපාරිකයන් 199 දෙනෙක් පමණ එක්ව සිටියහ.
