උණුසුම් පුවත්දේශපාලන ජනාධිපති තනතුර සඳහා තරගකාරයින් 4 ක් අද ම ඇප මුදල් තැන්පත් කරලා 2024-07-260 පක්ෂ දෙකකින් දෙන්නෙක් ජනාධිපතිවරණය 2024 සඳහා දින නියම කිරීම අද ප්‍රකාශයට පත් කර පැය කීපයක් ගත වෙත් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා තවත් පුද්ගලයින් තිදෙනෙක් අදාළ ඇප මුදල් තැන්පත් කළහ. ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයකු සේ සටනට පිවිසෙන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරත් කීර්තිරත්න මහතා ද ස්වාධීන අපේක්ෂකයකු සේ තරගයට එක් වන බව ප්‍රකාශ කළේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ය. අද ඇප තැන්පත් කළ සෙසු දෙදෙනා දේශපාලන පක්ෂ දෙකකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති. රනිල් වික්‍රමසිංහ - ස්වාධීන සරත් කීර්තිරත්න - ස්වාධීන ඕෂල හේරත් - අහිනව නිවහල් පෙරමුණ ඒ. එස්. පී. ලියනගේ - ශ්‍රී ලංකා කම්කරු පක්ෂය Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුළු පිරිසකගේ දේපලක් වීමට ඉඩ නොදී පාසල් මට්ටමේ සිට ඉගැන්විය යුතුයි Next Article ගාල්ලේ පොහොට්ටු නායකයා / නියෝජ්‍ය නායකයා හා තවත් පිරිසක් අද රනිල් ගේ වේදිකාවේ දී දැකිය හැකි ද?