ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ප්රබල ක්රියාකාරිකයකු සේ හුන් ඔහු
2024 සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු සේ තරග කරන්නට ඉදිරිපත්ව හුන් දොස්තර මොහෙමඩ් ඉල්ලියාස් මහතා අභාවප්රාප්ත වෙයි.
ඔහු පුත්තලමේ පෞද්ගලික රෝහලක දී ජීවිතයෙන් සමුගෙන ඇත.
දොස්තර මොහොමඩ් ඉල්ලියාස් මහතා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මහජන නියෝජිතයකු විය. ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ප්රබල ක්රියාකාරිකයකු සේ හේ දේශපාලනයේ නිරත ව සිටියේ ය.