පානීය ජලය නැති කමින් ප්රදේශ ගණනාවක වැස්සන් පීඩාවෙන්
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික් කිහිපයක වැසියෝ දිය බිඳක් සොයා ගැනීමේ අපහසුවෙන් පීඩා විඳීති.
කළුතර සහ රත්නපුර යන දිස්ත්රික්කවල ජනයා බීමට ජලය නොමැතිවීම නිසා පීඩාවට පත්ව සිටිති. කළුතර දිස්ත්රික්කයේ මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේත්, රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොල, ඇහැලියගොඩ, කලවාන යන ප්රදේශීය ලේකම් කොට්ඨාශවලත් වැසියෝ මෙයින් දුෂ්කරතාවට ලක්ව සිටිති.
පවතින අධික වියළි කාලගුණයත් නිසා ප්රධාන ජලාශවල ජල මට්ටම ද සිඝ්රයෙන් පහල බසිමින් පවතී. කැළණි ගගේ ජල මට්ටමද ගිංගඟේ ජලමට්ටම ද පහල බැස ඇත.
ජල හිඟයෙන් පීඩාවට පත් ජනතාවට බවුසර් යොදා ජල පහසුකම් සපයන්නට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත.
