උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන මාරසිංහ සොවුරා දිවිසැරිය හමාර කරයි

අවසන් කටයුතු හෙට රඹුක්කනදී

චන්දුසේන මාරසිංහ නම් කෘතහස්ථ ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියා අභාවප්‍රාප්ත වූ වග සාතිශය සංවේගයෙන් යුක්තව දන්වා සිටිම්හ.

ඔහු අවසන් වරට සේවය කරන ලද්දේ 'මව්රට' පුවත්පතෙහි නියෝජ්‍ය කතුවරයා ලෙසට යි. 

1969 සැප්තැම්බර් 05 වැනි දින ජනතා පුවත්පතට ‘පලදෙන පව්’ නමින්  කෙටිකතාවක් ලියා පළකිරීමෙන් චන්දුසේන මාරසිංහ මහතා ලේඛන කලාවට අත්පොත් තැබී ය.

අනතුරුව ලේක්හවුස් ආයතනයේ නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් එක්ව තරුණි, බුදුසරණ, මිහිර, සුබසෙත යන සතිපතා ප්‍රකාශන සංග්‍රහවල සේවය කෙළේය. එහිදී තරුණියට ඔබ එනතුරුනවකතාවත් බුදුසරණට අහං අවේරෝහෝමිනවකතාවත් සතිපතා කොටස් වශයෙන් ලීවේය.

තරුණි සංග්‍රහයට පළමුවෙන්ම ලියූ මගේ ලොවට සඳහිරු එපායන ඉතාම ජනප්‍රිය වූ කෙටිකතාව ඔහුගේ පුවත්පත් කලාවේ සහ ලේඛන කලාවේ අබිරහස් fදාරටුව විදාරණය කළ ආශීර්වාදාත්මක ගුප්ත පියගැටපෙළ වූවේය. අනතුරුව, 1982 දී දිවයිනපුවත්පතට එක්ව හිටපු තැපැල් ඇමැතිවරයකු වූ ඇන්.එච්. කීර්තිරත්නගේ චරිත කතාව සතිපතා කොටස් වශයෙන් ලියා පළකෙළේ ය. 

දිනපතා දිවයින පුවත්පතෙහි රඹුක්කන වාර්තාකරු සේ එය ආරම්භයේ පටන් කටයුතු කළ මාරසිංහ මහතා අනතුරුව එහි කර්තෘ මණ්ඩලයේ දිගු කලක් සේවයේ නිරත විය.  මාරසිංහ මහතා රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියකු සේ රැකියාවේ නිරත ව සිටිය දී අන්දෝලනාත්මක පුවත් රැසක් රට හමුවේ තැබී ය.

1992 දී සහකාර ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයකු වශයෙන් සේවය කරද්දී වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් රාජකාරියට බැඳුණේය.

 ලක්බිම පුවත්පතට  2004 එක්වූ හෙතෙම එහි අරඹන ලද වැටත් නියරත්විශේෂාංගය මේ රටේ සිදුවූ සහ සිදුවෙමින් පවත්නා දූෂණ, වංචා දහස් ගණනක් හෙළිදරව් කරන ලද්දේ පුවත්පත් කලාවේදියකු සතු වගකීම් මැනවින් රට හමුවේ තබමිනි.

ඔහු කලක් මව්බිම පුවත්පතේ උපකර්තෘවරයකු වශයෙන්ද සේවය කරන ලද්දේ ය.

නාඩි වාක්‍ය ජ්‍යොතිෂ ක්‍රමය රටට හමුවේ තබන ලද්දේ ද චන්ද්‍රසේන මාරසිංහ ය.

ඉතා නිර්මාණාත්මක ලේඛකයකු වූ චන්ද්‍රසේන මාරසිංහ මහතා ලියන ලද කෙටිකතා රැසකි. ‘ජම්බි’ ඔහු විසින් පළ කරන ලද කෙටිකතා සංග්‍රහය යි.

මාරෙ ගේ ලියූ ‘අපේ අය’  කතාව  1996 දී ස්වාධීන රූපවාහිනියේ විකාශය ව්ය.

ඔහු ගේ නිර්මාණ කාර්ය වෙනුවෙන් හේ අවස්ථා ගණනාවක සම්මානයට පාත්‍ර විය.

අරලියගහ මන්දිරයේ දී ඉකුත් දෙසැම්බර් 12 වැන දින පැවැති 2024 කලාභූෂණ (39 වැනි) සම්මාන උලෙළේ දී   වසර පනහකට වැඩි කාලයක් තිස්සේ මාධ්‍ය කලාවට හා සාහිත්‍යයට ඉටුකරන ලද මෙහෙවර අගයමින් චන්ද්‍රසේන මාරසිංහ මහතා  ‘කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය. බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ ඇමැති හිනිඳුම සුනිල් සෙනවි මහතා විසින් මාරසිංහ මහතා වෙත පිරිනමන ලද්දේ ය.

 කලාභූෂණ සම්මානලාභී ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී  චන්ද්‍රසේන මාරසිංහ සගයාණන්ට හෙළදිව ඊ පුවත් සංග්‍රහයේ උත්තමාචාරය!!!

සුබ ගමන් මාරේ!!!