උණුසුම් පුවත්

ජාත්‍යන්තරය තුළ අපේ රටට ලැබී ඇති පිළිගැනීම තවදුරටත් වර්ධනය කරමු

ග්‍රාමීය රෙජිස්ටාර්වරුන්ගේ හමුවේ දී අගමැති කියයි

ඔබේ අභියෝගාත්මක රාජකාරිය නිවැරදි නොවුණොත් ගැටලු රැසක ආරම්භයක් ... අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. ඒ  ඊයේ (2024.06.28) අරලිය ගහ මන්දිරයේ පැවැති ග්‍රාමීය රෙජිස්ටාර්වරුන්ගේ හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

මිනිස් සමාජයේ පැවැත්ම සහ ඉදිරි  ගමන  වෙනුවෙන් වූ දැවැන්ත වගකීමක් ඔබ ඉටු කරනවා. දීර්ඝකාලීනව පැවැති සමහර නීතිරීති වෙනස් වෙන අවස්ථාවල ඔබට ගැටලු මතු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල සුහද සාකච්ඡා මාර්ගයෙන් ඒ ගැටළු නිරාකරණය කිරීමේ බැදියාවක් රජයට තිබෙනවා. ඔබ පුරවැසියන් සම්බන්ධයෙන් දුෂ්කරවූත් සන්තෘෂ්ඨිමය කාර්යයක් ඉටු කළත් එය නිවැරදි  ඉටු නොකළොත් ගැටලු රැසක් ආරම්භ වෙනවා.

රටේ කලබල ඇති වූ නිසා මීට වසර 40ට පෙර විදෙස්ගත වූ වැඩිහිටියන් තිදෙනෙක් අප හමුවෙන්න ආවා. ඒ අයගේ කිසිදු වාර්තාවක් සොයාගන්න බැහැ. ඔවුන්ට හැකිවුනේ මම ජීවත් උනේ මෙතැන කියලා පෙන්නන්න විතරයි. එතැන් සිට, ඔබ සතු වටිනා ලියකියවිලි ඔස්සේ ආපස්සට ගමන් කිරීම හරහා ඔවුන්ගේ අයිතිය තහවුරු කර ගැනීමට හැකි වුණා. යාපනය නගරාධිපති දොරෙයියප්පා මහතා එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සහාය පළ කිරීමට අරලියගහ මන්දිරයට පැමිණ නැවත යාපනයට ගිය අවස්ථාවේ  වෙඩිතබා මරා දැමුවා. විදෙස්ගතව සිටි එතුමාගේ දරුවා වසර 40ට පසුව ඔහුගේ නිත්‍යානුකූල උරුමයන් හා පියා වෙනුවෙන් වූ රාජ්‍ය උරුමයන් වෙනුවෙන් ලංකාවට පැමිණියා.  එවැනි ප්‍රශ්න විසඳගන්න හැකි වෙන්නේ ඔබ එකතු කළ වටිනා ලියවිලි ප්‍රයෝජනයට ගනිමින්. ඔබ එවැනි වටිනා, අභියෝගාත්මක, රාජකාරියකයි නිරතව සිටින්නේ.

අපි සත පහක් දීලා බසයේ ගිය කාලයක් තිබුණත් අද සත පහකට මුකුත් ගන්න බැහැ. ඒක ලෝක ආර්ථිකය වර්ධනය වෙන ආකාරය  වගේම උද්ධමනය ක්‍රියාකාරී වන ලක්ෂණයන්ගෙන් එකක්. ඒ නිසාම අපේ වැටුප් ස්ථාවරව එක තැනක පවතින්නේ නැහැ. ආදායම්, වියදම් පරිහරණය කිරීමේ ඕනෑකම් වැඩිවීම නිසා ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආර්ථිකය පළල් වෙනවා.

අපි අසීරු කාලයක් ගතකළා. අපි හැමෝම දෙවන ලෝක යුද්දෙට පසුව උපන් මිනිස්සු. ඒ යුද කාලයෙන් පසුව මෙවැනි අමාරු තත්ත්වයක් උදා වුණේ නෑ. අපේ පැරැන්නන්  යුද්ධ කාලේ බජිරි කාල ජීවත් වුණේ කියනවා. එහෙම කාල පරිච්ජේදයක් රටට උදාවෙන්න නොදී, රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගන්න උදව් කළ රාජ්‍ය සේවයට සම්බන්ධ අයගෙන් කොටසක් ඔබ.  සමාජයේ සංතෘප්තිය පවත්වාගෙන යා හැකි විශ්වාසය පුරවැසියන් තුල ඇති කිරීමට ඔබේ සහාය ලැබෙනවා.

විදේශ රටකට චෙක් පතක් යැව්වාම එය මාරු නොකර අයින් කර දැමුව කාලයක් තිබුණා.ඒ තරම් අමාරු තැනක ජාත්‍යන්තර ගනුදෙනු නැවතිලා තිබුණා. එය නිවැරදි කර ගැනීම සඳහා අයි.එම්.එෆ් හා ආධාර දෙන රටවල්, ණය පිළිබඳ ජාත්‍යන්තර ආයතන සියල්ල අද නැවතත් අපේ රට පිළිගන්නා තත්ත්වයකට ඇවිත් තිබෙනවා. මේ වර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා  සහාය දැක්වීමයි අප කළ යුතුව තිබෙන්නේ.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා -

ලංකාවේ සෑම බිම් ප්‍රමාණයක්ම ස්පර්ශ කළ සෑම ග්‍රාම නිළධාරී වසමකටම විහිදුණු අමාත්‍යංශයක්, දෙපාර්තමේන්තුවක් අප සතුයි. ඔබ අවුරුදු එකසිය හැටක් වයස , රට පවතිනකල් පවතින දෙපාර්තමේන්තුවක හිමිකරුවන්. අයිතීන් පිළිබඳ ලේඛන සංරක්ෂණය කරන්නත් ලියාපදිංචි කරන්නත් ඔබ බැදී සිටිනවා. මේ වැදගත් ඉපැරණි දෙපාර්තමේන්තුව ආරක්ෂා කරගැනීම, රැකගැනීම, ගෞරවණීයභාවය රැකගැනීම ක්ෂේත්‍රයේ ඉන්න අයගේ වගකීමක්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඇමැතිවරයා විදියට අගමැතිතුමාටත්, රාජ්‍ය ඇමැති විදියට මටත් ලැබුනේ රාජ්‍ය නිලධාරීන්ට වැටුපක්වත් ගෙවන්න බැරි ගිණුමක්. අගමැතිතුමාගේ පරිනත දැනුම, දේශපාලන බුද්ධිය  හා සමාජ අත්දැකීම් ප්‍රයෝජනයට අරන් පළමුවෙන් මිනිස්සුන්ගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්න කටයුතු කළා.  තැන් තැන්වල තණකොළ එල්ලලා, දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප කරපු කාලයක ගමකට, කාර්යාලයකට යන්න විදියක් තිබුනේ නැහැ. සමහර උගත් බුද්ධිමත් තනතුරු දරන අයත් නීතිය අවභාවිතා කලා. ඒ වගේ වෙලාවක අගමැතිතුමා කිව්වේ ගමෙන් පටන් ගමු කියලා. 

ආහාර සුරක්ෂිතතා පෝෂණ  ක්‍රමවේදයක් අපි සැකසුවා. ගමේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව හැම අඟලකම වවන්න උපදෙස් දුන්නා. සල්ලි අතේ තිබුණත්, වෙළඳපළට ගිහිල්ලා පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න බැරි අවුරුදු දෙකක් අපි ගත කළා. මාස හයක් ඇතුළත ආහාර අනාරක්ෂිත භාවය නැතිවෙලා ආහාර සුරක්ෂිතභාවය ඇති වුණා. අද හුඟක් අය ලෙඩවෙලා පාරවල් වල. ගුරුවරු ලෙඩවෙලා. ඔබ ලෙඩ නොවීම ගැන…