පාතාල කල්ලි රණ්ඩු වෙනවා විතරයි.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව තර්ජනය කිසිවක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ජනපතිවරයා එසේ ප්‍රකාශ කරන ලද්දේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අද (23) වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ දී ය.
පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්ණමාණය වී ඇති බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා මහජනතාවගේ පොදු ආරක්ෂාවට ඒ ගැටුම් තර්ජනයක් බවට පත්වී නැති බවද කීවේ ය.
පාතාල කල්ලි අතර මේ ගැටුම් වර්ධනය වී ඇත්තේ දිගු කලක පටන් යැ යි කී ජනාධිපති දිසානායක මහතා දැන් එය මහත් විනාශකාරී ජාලයක් බවට වර්ධනය වී අතැ යි ද සඳහන් කළේ ය.
මේ අපරාධ කල්ලි සම්පූර්ණයෙන් ම මර්ධනයට දැඩි උත්සාහයක් ගන්නා බවත් ස්වකීය ආණ්ඩුවට එය කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බවත් මාධ්‍යවේදීන් හමුවේ හේ කීවේ ය.
දේශපාලන රැකවරණ ලැබ මේ පාතාල කල්ලි වර්ධනය වූ නමුත් වත්මන් පාලනය යටතේ ඔවුන්ට කිසිදු රැකවරණයක් නොලැබෙන වග ද දිසානායක මහතා පැවසී ය.