උණුසුම් පුවත්දේශපාලනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

ජාතික කලාභවනෙන් මිලකළ නොහැකි තරම් වටිනාකමින් යුත් සිතුවම් 47 ක් අතුරුදන්

මුරකාරයාත් වැඩේට සපෝට් එක දීලා ලු

ජාතික කලා භවනේ තිබූ මිල කළ නොහැකි චිත්‍ර 47 ක් අතුරුදන් වී ඇත. අතුරුදන්  මේ ‌එ‌ෙතිහාසික චිත්‍රවලින් කොටසක් එක්තරා හිටපු ඇමතිවරයකු ගේ සොවුරියකගේ සැමියා ළඟ ඇති බව ද කියයි. තවත් සිතුවම් ගණනාවක් කුප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයකු සතුව ඇතැ යි ද ආරං'චි මාර්ග දක්වයි.

මේ ‌එ‌ෙතිහාසික සිතුසිතුවම් අතර ජෝජ්කිට්, ඒ. සී. ජී. එස්. අමරසේකර හා ජේ. ඩී. ඒ. පෙරේරා යන ‌දෙස් විදෙස් හි ප්‍රකට චිත්‍රශිල්පීන් විසින් කරන ලද නිර්මාණ බව සඳහන් වේ.

කලාභවන ප්‍රතිසංස්කරණය කිරීමට එය වසා දමා තිබූ අවදියේ මේ සිතුවම් සොරකම් කරැති බවත් ඒ සධහා එහි මුරකරු ගේ ද සහාය මේ චෞරයින් විසින් ලබාගෙනැති බව ද ආරංචි මාර්ග දක්වයි.

කලාභවනේ අලුත්වැඩියා නිමා කිරීමෙන් අනතුරුව සොරදෙටුවන් ළඟ ඇති මේ වටිනා චිත්‍ර ලබා ගන්නා බවට සංස්කෘතික ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසා ඇත.