උණුසුම් පුවත්දේශපාලන

ජාතික ජන බලවේගය ආණ්ඩුව සැරසෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතීත්වය කරා ද?

ජනමාධ්‍ය ඇතුළු ඇමති ධූර ගණනාවක් දැරූ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම ජනතාවට අනතුරු අඟවයි

''ඇතැම් මාධ්‍ය අලුත් වස්ත්‍ර ඇඳගත යුතු යැ යි කියා ජනාධිපතිවරයා  මාධ්‍යයට අනතුරු ඇඟවීමක් කළා. ඒ වගේ ම ඇතැම් මාධ්‍ය වල්බූරු නිදහසක් භුක්ති විඳිනවා. එය වහාම නතර කළ යුතුය  කියා, විෂය භාර ඇමති විජිත හේරත් ඇමතිවරයා ප්‍රකාශ  කළා.  පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ නායකයෙක් ප්‍රකාශ කළේ  ජතික ජන බලවේගය බලයට පැමැණී පසු ඇතැම් මාධ්‍ය ආයතන වහන්න සිදුවෙයි කියලා. වර්තමානයේ ඇති වී තිබෙන්නේ ඒ අනතුරදැ යි අපට සැකයක් මතු වෙනවා යැයි ඩලස් අලහහප්පෙරුම හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි

සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සේ අදහස් පළ කළේ ය.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති ගමනකට අරඅඳින්නේ යැ යි ද ඩලස් අලහප්පෙරුම මහතා කී ය.

වෘත්තීය සමිත ව්‍යාපරය අවශ්‍ය නැහැ. ඒවා විසුරුවා හැරිය යුතු යි කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා.  ඒවගේ ම රටට විපක්ෂයක් අවශ්‍ය නැති බවත් ආන්ඩුව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවට අණ්ඩුවක් පමණක් ප්‍රමාණවත් බවක් ඔවුන් නියනවා යැ යි ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.