උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම

ආධාර මුදල් වැඩි කර යි.

2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේදී ශාස්ත්‍රීය, පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර දීමට අපේක්ෂා කරන බවත් මෙය නව මුහුණු වරකින් ක්‍රියාත්මක කෙරෙනුයේ ආධාර මුදලද ඉහළ දමමිනි.

එහිදී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000.00 ක්, නවකතා සඳහා රුපියල් 100,000.00 ක්, කෙටිකතා සංග්‍රහය සඳහා රුපියල් 100,000.00 ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000.00 ක්, පිරි නැමීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන ඇත.

කෘති සියල්ල 2025 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළි දැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අපේක්ෂාව යි.