තොරතුරු රැස් කිරීම සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීම මේ දිනවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල
2024 ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස් කිරීමේ කටයුතු සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීම මේ දිනවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් සිදු කෙරේ.
අ.පො.ස. උ.පෙ.සමත් ටැබ්ලට් පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කොට තොරතුරු රැස් කිරීමේ හැකියාව ඇති පුද්ගලයන් මේ සඳහා බඳවා ගැනේ. එම තැනැත්තන්ට නිවාස හා පුද්ගල තොරතුරු ලබා ගැනීම, දුරකථන භාවිතය ,හා වර්ග කිලෝ මීටරයකට අදාළ ව ගමන් වියදම් දීමනාවක් ලබා දෙන බව දැනුම් දී තිබේ.
වසර දහයකට වරක් සිදු කෙරෙන මෙම සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණත් විවිධ හේතු නිසා එය වසර ගණනාවක් ප්‍රමාද වී තිබේ.
මෙම සංගණනයේ මූලික සිතියම් සකස් කිරීම හා මූලික පවුල් තොරතුරු එක් රැස් කිරීම ඒ ඒ කොට්ඨාස වල ග්‍රාම නිලධාරීන් විසින් දැනට වසර කීපයක සිට කරන ලදී.
තොරතුරු රැස් කිරීම ඉදිරි අගෝස්තු හා සැප්තැම්බර් මාසවල සිදු කිරීමට නියමිත අතර මේ සඳහා කැමැත්තක් දක්වන අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි කරුවන්ට 2024-6-27 දින පෙ.ව. 9.30 ට අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර් යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇත.