උණුසුම් පුවත්දේශපාලන

ජොනීට ඇප

එංගලන්තයෙන් හොර ගෙනා බීඑම්ඩබ්ලිව් රියක් ලු

 එකළස් කොට සකසන ලද සුඛෝපභොගී මෝටර් රියක් ගෙන්වා ගෙන  පරිහරණය කළේ ය යන චෝදනාවක් මත පෙලාසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර හුන් හිටපු අමාත්‍යවර ජෙන්ස්ටන් ෆ්‍රනාන්දු මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හරින ලදි. එඑකී මෝටර් රිය මෝටර් රථ ලියාපදිංචිකිරීමේ දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචි නොකරපරිහරණය කළේ ය යන චෝදනාව ඔහුට නඟා ඇත.

ජෙන්ස්ටන් ට්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත පහක් බැගින් වූ ඇපකරයකට යටත්ව ජොන්ස්ටන් ෆ්‍රනාන්දු මහතා මුදාහරින ලෙස  කෙටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් නියෝග කරන ලදි.

මෙකී පරීක්ෂණ කටයුතුවලට බාධා නොකරන සේ ද මහෙස්ත්‍රාත්වරිය හිටපු ඇමතිවරයාට නියෝග කළා ය. භීඑම්ඒඩ්ලිව් වර්ගයේ මෙකී මෝටර් රිය එංගලන්තයෙන් සොරකම් කරන ලද එකක් යැ යි කීව ද ඔහු ඊට සබඳතාවයක් නැති වග පොලිසිය උසාවියට පවසන ලදි.