නීතිඥ සංගමයෙන් වෙඩිල්ලක්
ටිරාන් අලස් මහතා මහජන ආරක්‍ෂක ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි නීතිඥ සංගමය විසින් යෝජනාවක් සම්මත කර තිබෙ.
ඔහු මහජන ආරක්ෂක ඇමතිකමින් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව නීතිඥ සංගමය සම්මතකර යෝජනාවේ සඳහන් වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මිනීමරු පාතාල සමාජිකයින් තුරන් කර දැමුවාට පවක් නැතැයි පසුගිය සතියේ ටිරාන් අලස් මහතා විසින් පැවසූ අයුරු මාධ්‍යවලින් ජනතාවට ඉදිරිපත් කළේ ය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ වන විට විදේශගතව ය. බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.
ඒ ප්‍රකාශය නීතිඥ සංගමය විසින් ඔහුට එරෙහිව උක්ත ක්‍රියාමාර්ගය ගන්නට මුලික හේතුව වී ඇතැයි පොදු මහජන මතය යි.
යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන බව ටිරාන් අලස් මහතා ගේ අමාත්‍යාංශයේ නිලධාරියෙකු මාධ්‍යයට පවසන ලදි.
හෙතෙම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීම කෙරෙහි රටේ අති බහුතරයක් පුරවැසියන් ගේ පැසසුමට ලක්ව සිටියි.