ප්‍රවීණ ජනමාධ්‍යවේදී, ප්‍රවීණ භාෂා පරිවර්තක ටී. ජයකුමාර් (63) මහතා (21)සවස අභාවප්‍රාප්ත විය. ලේක් හවුස් ආයතනයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ඒ මහතා සිරස රූපවාහිනියේ අධිකරණ වාර්තාකරුවෙකු ලෙසත් බදුල්ල කම්කරු විනිශ්චය සභාවේ සහ කොළඹ මහාධිකරණයේ භාෂණ පරිවර්තක ලෙසත් කටයුතු කර ඇති ඔහු ජේ.කේ දිවුරුම් දුන් භාෂා පරිවර්තන ආයතනයේ නිර්මාතෘවරයා ද වේ. භාෂා හතක් පරිවර්තනය කිරීමේ හැකියාව තිබූ ටී ජයකුමාර් මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස පිළියන්දල කුඩමාදූව අංක 240 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බදාදා (24 වැනිදා) සිදුකෙරේ.. ටී ජයකුමාර් මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී.චන්ද්‍රසේකර මහතාගේ ද වැඩිමහල් සොහොයුරු වේ.