උණුසුම් පුවත්දේශපාලන

සභාපති ඉම්තියාස් සියලු තනතරුවලින් අයින්වෙයි

සමීපතම ආරංචි මාර්ගයක් කියයි

සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පක්ෂයේ දරන ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී යැ යි ඔහුට සම්බන්ධ සමීපතම ආරංචි මාර්ගයක්  හෙළදිවට අනාවරණය කළේ ය. 

මෙරටේ හුන් කීර්තිමත් මුස්ලිම් නායකයකු සේ නමක් රඳවා ගත් හිටපු කතානකවරයකු මෙන් ම දකුණු පළාතේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ, දිවංගත මොහොමඩ් අබ්දුල් බාකීර් මාකාර් මහතා ගේ අතිජාත පුත්‍රයා සේ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පාසල් වියේ පටන් ම දේශපාලන ක්‍රියාකාරකම් හි නිරත වූවෙකි. හේ එක්සත් ජාතික පක්ෂයෙන් බේරුවල ආසනය පදනම් කරගෙන පැවැත් වූ මැතිවරණ සියල්ලෙහි දී ම කළුතර දිස්ත්‍රික්කයෙන් ඉහළ මනාප ලබා ගන්නට තරම් ජනතාව අතරේ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින්නෙකි.

දශක පහකට ආසන්න කාලයක් දේශපාලනඥයකු  සේ  ඉම්තියාස් බාකීර් මාකර් මහතා ජනවරම් ලැබීමට පෙර විශ්වවිද්‍යාල සිසුවකු සේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමවාදී ශිෂ්‍ය පෙරමුණ සරසවි පද්ධතිය තුළ ව්‍යාප්ත කිරීමට  පෙරමුණේරාල සේ කළ මෙහෙය පක්ෂ නායකත්වයේ මහත් ඇගැයීමට ලක්වූ බව ඔහු ගේ සමකාලීන සරසවි සිසුවියක හෙළදිව හා පැවසුවේ බොහෝ කලකට පෙර ය. මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් වූ ඔහු සමගි ජන බලවේගය ගමන් මඟ නිවැරදි දිශානතියකට යොමු කරන්නට පසුගිය කාලය පුරා දැඩි වෙහෙසක් ගත්තෙකි.  ඒත් නායකත්වය ඔහු දැක්වූ කරුණු කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා බාකීර් මකාර් මහතා කලකිරීමෙන් පසු වූ බව ද ඔහුගේ සමීපතමයා පැවසී ය 

ඔහු පක්ෂ නායකත්වයට තමන් දරමින් හුන් සියලු තනතුරුවලින් ඉවත්වන බව දන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදුන් බව එම පක්ෂයේඅභ්‍යන්තර ආරංචි මාර්ග අපට අනාවරණය කළේ ය.