මෙරට පුරවැසියකු බව ඔප්පු කරන්නට බැරි නිසා අධිකරණය ආඥා පැනවිණි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රීට් ආඥාවක් නිකුත් කරන ලද්දේ ය.
ඕෂල හේරත් මහතා නම් සමාජ ක්‍රියාකාරික විසින් ගොනු කරන ලද පෙත්සමක් දිගු කලක් සලකා බලා මෙකී තීන්දුව අද දිනයේ ප්‍රකාශ කරන ලද්දේ ය.
ඕෂල හේරත් මහතා අධිකරණ්යට යොමු කරන ලද පෙත්සමෙන් ප්‍රකාශ කරන ලද්දේ ඩයනා ගමගේ මහත්මිය මෙරට පුරවැසි කාන්තාවක නොවන අතර ඇය බ්‍රිතාන්‍ය පුරවැසි කතක් හෙයින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇයට පාර්ලිමේන්තුවේ අසුන් නොගත හැකි බවයි.
තමන්ට එරෙහිව නගා ඇති චෝදනා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට නිසි සේ පිළිතුරු ඉදිරිපත් නොකළ හෙයින් පැමිණිලිකරුගේ ඉල්ලීමට අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඇය ගේ මන්ර්තී ධුරය පිළිබඳ උක්ත තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි. මෙම තීන්දුව අනුව පුරප්පාඩු වන සමගි ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා සුදුස්සෙකු පත් කිරීම එම පක්ෂ මහලේකම්වරයාට හිමිවෙයි