උණුසුම් පුවත්

ජනාධිපති සහ ඇමෙරිකාවේ හිටපු උප ජනාධිපති, ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක් .

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති, The Climate Reality Project හි නිර්මාර්තෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක්පැවැත්විණි. දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක් විය.