අවසන් කටයුතු හෙට නැදිමලේ පොදු සුසාන භූමියේ දී පස්වරු 03. 30 ට
කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වූ ඩික්සන් ජේ. පෙරේරා මහතා ඊයේ (04) අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 79 වැනි වියේ පසු විය
කලෙක සිට හෙතෙම රෝගාතුරව පසුවිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසනයේ සංවිධායක වශයෙන් සිටි පෙරේරා මහතා 1989 මහ මැතිවරණයට එම පක්ෂයේ අපේක්ෂකයකු සේ කොළඹ දිස්ත්‍රික්කයට තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය.
1994 මහ මැතිවරණයේ දී පොදු ජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයකු ලෙස තරග කොට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අසුන් ගත් අතර ඔහු 2000 වසර තෙක් මහජන නියෝජිතයකු සේ කටයුතු කළේ ය.
අනතුරුව ඩික්සන් ජේ. පෙරේරා මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වශයෙන් ද කටයුතු කොට ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වූ පෙරේරා මහතා දෙදරු පියෙකි.
ඩික්සන් ජේ. පෙරේරා මහතා දේ දේහය දෙහිවල ගල් විහාර පාරේ අංක 261/15 දරණ නිවසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු හෙට (06) පස්වරු 03. 30 ට දෙහිවල නැදිමාලේ පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.