ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමෙිදී දත්තවල සුරක්ෂිතභාවය, පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කිරීමට නියාමන රාමුවක් අවශ්‍යයි.
eMHIC ගෝලීය ඩිජිටල් මානසික සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාව සමඟ පැවත්වූ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් 22 දින අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේ දී අගමැතිවරියඅගමැතිවරිය මේ බව සඳහන් කළාය.
ඩිජිටල තාක්ෂණය භාවිත කිරීමේදී දත්ත වල සුරක්ෂිතභාවය,පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කරන නියාමන රාමුවක් අපවශ්‍ය බව ඇය පැවසුවා ය
ශ්‍රී ලංකාවේ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන අභියෝග විසඳීම සඳහා නව්‍ය, තාක්ෂණික විසඳුම් ගවේෂණය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
''පුළුල් ඩිජිටල්කරණ සඳහා වන වැඩසටහනෙහි අංගයක් ලෙස, පවතින මානසික සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය විසඳුම් පිලිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම නවෝත්පාදනය දිරිමත් කරමින් ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් කාර්යක්ෂමතාව, ආරක්ෂාව, දත්ත පෞද්ගලිකත්වය, සුරක්ෂිතභාවය සහ අනෙකුත් සදාචාරාත්මක කරුණු සහතික කිරීම සඳහා නියාමන රාමුවක් ඇති කිරීමත් අවශ්‍යයි" අගමැතිනිය වැඩිදුරටත් කීවා ය.
මනා පුහුණුව ලත් මානසික සෞඛ්‍ය ශ්‍රම බලකායක් සහ ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන සම්බන්ධීකරණ, බහු ආංශික සහ බහුවිධ ක්‍රියාමාර්ගයත් මෙහිදී ඉතා වැදගත්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක ඩිජිටල්කරණය සම්බන්ධයෙන් දෙමාපියන් සහ දරුවන් අතර වන ඩිජිටල් සෞඛ්‍ය සහ දරුවන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳ අනවබෝධය යන අභියෝග ගණනාවක් පවතිනවා. ඒ පිලිබඳව අවබෝධයෙන් ඉදිරි කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
මෙම අවස්ථාවට කැනඩාවේ සෙනෙට් සභික Kathy Hay මහත්මිය, eMHIC (EEMICK) ජාත්‍යන්තර සහයෝගිතාවේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය Anil Thapliyal ඇතුළු eMHIC ජාත්‍යන්තර සහයෝගිතාවේ නියෝජිතයින්, රජයේ නිලධාරීන්, ශාස්ත්‍රඥයින් සහ වෘත්තීය ආයතනවල නියෝජිතයින්, ඩිජිටල් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.