රාත්‍රී භෝජන සංග්‍රහයෙ දි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 වෙනි දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.
එහිදී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ දෙපළ ඡායාරූපයකටද එක් වූහ.
