අකුණුවලින් ආරක්ෂා වෙන්නැ යි කාලගුණය කියයි
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉදිරි පැය 24 ට වලංගුවන පරිදි දහවල් මෙම නිවේදනය නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලත් මි.මී. 150 ට වැඩි ඉතො තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නැව්ගල ප්‍රදේශයේදී විශාල මාර ගසක් මාර්ගය හරහා කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මුළුමනින්ම අවහිර වී තිබේ.
මෙම අනතුරින් කිසිවකුටත් හානි සිදු වී නොමැති අතර එහි ගමන් ගන්නා රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ප්‍රදේශ රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ගොඩබිම් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. කොළඹ සහ අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවිය. කැලණි, ගිං සහ නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාව අපහසසුතාවට පත්ව සිටිති.
බියගම - කැලණිය මාර්ගය මල්වානෙන් ද, මාපලගම - පිටිගල මාපලගමින් ද, හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දේගම, නෙළුව ආදි ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ලට මායිම්ව ප්‍රදේශ රැසක ගම්මාන ජලයෙන් යටවීමෙන් පවුල් රැසක් නිවෙස්වල හිරවී අපදාවට පත්ව සිටින බව වාර්තා වේ.
සිටිනාමළුව මහ වැව පිටාරගැලීමෙන් තංගල්ල - බෙලිඅත්ත මාර්ගය ජලයෙන් යටවී තිබේ.