ආර්ථිකඋණුසුම් පුවත්

තරුණ තරුණියන් වෘත්තිකයො බවට පත්කරන්න හදන විට හැම වෙලාවෙ ම විරෝධය දක්වන පිරිසක් අපේ රටේ ඉන්නවා

ජපන් යන්න තරුණයන් 35 කට වීසා ලබා දෙමින් මාළඹේ සන් ලංකා ආයතනයේදී ජනාධිපති නීථිඥ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පවසයි

මේ රටේ තියන කුහක දේශපාලන සංස්කෘතිය තුල තරුණ තරුණියන්ට උගන්වලා වෘත්තිකයො බවට පත්කරන්න හදනකොට හැම වෙලාවෙම විරෝධතා දක්වන පිරිසක් අපේ රටේ ඉන්නවා යි  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මාළඹේ සන් ලංකා ආයතනයේදී පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

විදෙස් රැකියා සඳහා සිහින මවමින් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට නිසි පුහුණුවක් යටතේ ආරක්ෂාකාරී ලෙස ජපන් රැකියා ලබාදීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමට ජපානයේ කියෝදා ලංකා ආයතනයත් එහි ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව සහ අනෙකුත් පුහුණුවීම් කටයුතු ලබාදෙන සන් ලංකා වෘත්තීය පුහුණු ආයතනයත් එක්ව පුහුණුවීම් කටයතු ආරම්භ කිරීමේ සහ තිස්පස් දෙනෙකු සඳහා වීසා ලබාදීමේ උත්සව‌යකට ඊයේ (02) පෙරවරුවේ මාළඹේ සන් ලංකා ආයතනයේදී පැවත්විණ.

මෙහිදී අදහස් පලකරමින් අමාත්‍යවරයා සඳහන් කලේ ජපානය කිව්වහම ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුට තියනවා බැදීමක් ඒ්කට හේතු ගණනාවක් බලපානවා එකක් තමයි අපේ තියන පොදු ආගමික සහ සංස්කෘතික සබැදියාව, බෞද්ධ සම්ප්‍රදායන් අනුගමනය කරන රටක් වීම, අනෙක් කාරණය තමයි ජපානය ලෝකයේ අනෙකුත් රටවලට වඩා අපේ රටත් සමඟ ඇති සමීප සම්බන්ධතාවය. 1951 පමණ සිට ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ අනෙකුත් රටවල් සමග නැවත ඇතිවීමට ගිය යුද්ධය නවතාලන්නට අපේ රටේ එවකට සිටි ලාබාලතම මුදල් ඇමතිවරයකු මෙන්ම පසුකාලයේ ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජපාන රජය වෙත දෙනු ලැබූ උපදෙස් නිසා හැකිවූ බැවින් ජපානය අපේ රටට ඉතා ගෞරව කරනවා කිට්ටු සබඳතායවක් දක්වන බවයි.

වැඩිදුරටත් අදහස් පලකරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ ශ්‍රමිකයන් ජපානය වැනි දියුණු රටවලට ගොස් වැඩි වේතනයක් ලබාගැනීම තුළින් මෙරටට වැඩි වාසි අත්කරගත හැකි බැවින් පිටරටට යන ශ්‍රමිකයන් වෙත වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීම වඩා යෝග්‍ය බවයි.

මේ රටේ තියන කුහක දේශපාලන සංස්කෘතිය තුළ තරුණ තරුණියන්ට උගන්වලා වෘත්තිකයො බවට පත්කරන්න හදනකොට හැම වෙලාවෙම විරෝධතා දක්වන පිරිසක් අපේ රටේ ඉන්නවා රාගම වෛද්‍ය විද්‍යාලයක් හැදුවා කෑගහලා උද්ඝෝෂණ කරලා ඒ්ක වහලා දම්මා, සයිටම් කියලා අධ්‍යපාන ආයතනයක් හැදුවා ඉගනගන්න දුන්නෙ නෑ අවුරුදු තුනක් යනකන් ඒ්ක වහලා තිබ්බා නමුත් ඒ්කෙ දරුවො ටික බේරගන්න අපි කටයුතු කලා. අලුත් පනතක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කොතලාවල විශ්ව විද්‍යාලයට අනියුක්ත කරලා ඒ් ළමයි සියලු දෙනා වෛද්‍යවරුන් බවට පත්කරන්න කටයුතු කළා .ඒ් වගේම වර්තමානයේත් අපි ඉතා දැඩි තීන්දු තීරණ අරගෙන මෙවැනි රටට අවශ්‍ය ඉදිරි කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 මෙම අවස්ථාවට මහාචාර්ය නිශාන්ත ගිඟුරුව, සන් ලංකා ආායතනයේ අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත ආරියරත්න යන මහත්වරුන්, ජපන් නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු පිරිසක් එක්විය.