ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජනතාව පරෙස්සමෙන් ඉන්න
දින කිහිපයක් තිස්සේ කඩා හැළෙන අධික වැස්ස හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණියේත් ඊයේ (19) දිනය තුළ ලැබුණු අධික වර්ෂාපතනය නිසා ගංවතුර අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බවය.
මේ පුදේශ ආශ්‍රිත පහත්බිම් ආසන්නයේ ජීවත්වන ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසයි.
පවතින අධික වර්ෂාව නිසා මේ වන විට රාජාංගනය ජලාශය තත්ත්පරයට ඝණ අඩි 8,870ක සීඝ්‍රතාවයකින් යුතුව ජලය මුදා හැරීම් සිදුවන හෙයින් කලාඔය ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට යම් ගංවතුර අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින කිහිපයේ ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බැවින් කැලණි, කළු, මහ ඔය, දැදුරු ඔය, කලාඔය, වැනි ගංගා ද්‍රෝණින් හී වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
