කව් මිණි වැල්

තාත්තා ස්මාරකයි


රිංගාලා එළපු දැලෙන්                                                                                                  

පැනල ගියේ සදත් ඇත්තු 

සතේ සතේ එකතු කරල

                            බදු ගෙව්වේ පොඩි මිනිස්සු  

                             එපා මහත්වරුනි   එපා

                           උන්ගේ පොඩි කාසිවලින් 

                           ස්මාරකයක් හදන්න

                            තාත්තා ම ස්මාරකයකි 

                            දැවැන්ත

හත් අට වර අඩි ගැහුවට

හම ගිය කළු සපත්තුවට

 අඩි ගැහුවේ නෑ කිසි දින

බාර් එකේ පිනට රෑට

සහෝදරයො හැර උන්දැට

සහෝදරියො නොසිටියාට

පෙකණි වැලක් තිබුණා ළඟ  

පොඩි පොඩි සිත් එකට බැඳපු

 

                        උන් එන විට අත තිබුණේ

                       පෙරළූ හැටි නැවුම් පොළොව 

                     බියපත් කොක් රෑනකි පිටු 

                   ඉගිල ගියා වූ දොරකඩ

 

ඒ පණ නල තිබේ තවම

ළඟපාත ම ගස්වැල්වල

මල් පුබුද‌ා පල දරන්න 

වසන්තයට අත වනමින

 

– රංජිත් මල්ලියාවඩු –