උණුසුම් පුවත්කාලීනපරිසරය

තායිලන්ත කතක් මහ දහවල් අඩ නිරුවතින් ආරුගම්බේ මහපාරේ

ඇය මානසික ව්‍යාධියකින් පෙළෙනවා ලු - සැමියා කියල

උඩුකය මුළුමණින් ම විවර කරගත් විදෙස් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගත් පොතුවිල් පොලිසියේ කාන්තා නිලධාරී පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරුගම්බේ මහමගෙහි ගමන් කරමින් සිටිය දී ය.

මේ කාන්තාව තායිලන්ත ජාතික කතකි. ඇය කාන්තා පොලිසි නිලධාරිනියන් විසින් පෙරේදා (14 )  දහවල් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොතුවිල් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු සති හයක සිර දඬුවමකට යටත් කර ඇත්තේ වසර පහකට අත්හිටවමිනි .

ඇයත් ඇගේ ඇමරිකානු ජාතික සැමියත් ඉකුත් 11 වැනි දා සිට 20 වැනිදා දක්වා ආරුගම්බේ සංචාරක පාරාදීසයේ සංචාරක හෝටලයක කාමරයක් ලබාගෙන ඇති බව පොලිසිය කියයි.

ඇය කිසියම් මානසික ව්‍යාධියකින් පෙළෙන කාන්තාවක බව සැමියා පොලිසියට පවසා ඇත. මොවුන් දෙන්නා ලංකාවට පැමිණ ඇත්තේ එංගලන්තයේ සිට බව ද කියයි.

උපුටා ගැනීම  - ලක්වාහිනී අඩවියෙනි