උණුසුම් පුවත්කාලීනදේශපාලන

තැපැල් ඡන්දෙ අද (4) යි හෙට (5) හා අනිද්දා (6) යි

ඡන්දදායකයින්ගෙන් 7,12, 319 ක් තැපැල් ඡන්දය දෙති

සැප්තැම්බර් මස 21 වැනි පැවැත්වෙන ජනාධිපතිවරණයේ. මැතිවරණ රාජකාරියේ යෙදෙන රාජ්‍ය සේවක සේවිකාවන් 712, 319 කු  2024  තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අද (04) ආරම්භ වේ.

 දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට අද (04) තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව කීයේ ය.

අදට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ඇත්තේ ය.

ත්‍රිවිධ හමුදාවේ හා  සෙසු සියලු රාජ්‍ය ආයතනයන් හි කාර්ය මණ්ඩල සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවන්නේ හෙට (05) අනිද්දා 06 යන දෙදිනයන් හි ය.

උක්ත දිනවල තැපැල් ඡන්ද පාවිච්චි කිරීමට නොහැකි වන්නා වූ තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් මස 11 සහ 12 යන දිනවල  තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

2024 ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්දදායකයින් 712, 319 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.   වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක්  අද සිට හෙටත් අනිද්දාත් ඡන්ද හිමියන් වී සිටින්නේ  කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ය.

 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු ඊයේ (03)   ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

 ජනාධිපතිවරණයට අදාළ ව 'ස්ටිකර්' සහ 'පෝස්ටර්' වාහනවල ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී යැ යි පොලීසිය කියයි. 

 වාහනවල අලවා ඇති පෝස්ටර් සහ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලැබී තිබේ.